Pages

......එන්න ආශ්වාදය විදින්න​,ඔබගේ පිය සටහන් පමනක් තබා යන්න​......
............Leave only foot prints, Take only photographs.............

Sunday, December 8, 2013

රිවර්ස්ටන් යමුද​?????



සංචාරක ස්ථාන​..
1. බඹරකිරි ඇල්ල​
2. මානිගල - (තාරකා දොරටුවක්ද​????)
3.පිටවලපතන​
4. පුන්චි ලෝකාන්තයව්
5.වැද්දා පැනි ඇල්ල​
6. සේර ඇල්ල​

7. තෙල්ගමු ඔය​


සුන් දර නකල්ස් වනපෙතේ හුලුගග හරහා සවාරිය ඔබට ගෙනාවා මතක ඇති. එම ගමන් මාර්ගයෙන් බැහැරව නකල්ස් තරණය කල හැකි මාර්ග දෙකක් පවතිනවා
1. මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන්
2.මහියංගනය හෝ පොලොන්නරුවේ සිට ඉලුක්කුඹුර හරහා රිවර්ස්ටන්

අපි අපගේ චාරිකාව මෙම මාර්ග දෙකම ආවරනය වන පරිදි යොදාගත්තා




මුලින්ම අපි මාතලේ නගරයට පැමිණ රත්තොට හරහා රිවර්සටන් වෙත ලගාවුනා, ඇත්තටම රිවර්ස්ටන් කියලා ස්ථානයක් මෙම ප්‍රදේශයේ විවහාර වන්නේ නැහැ. මෙම ප්‍රදේශය නුවරඑළිය ප්‍රදේශය වාගේම බටහිර රටවල දේශගුනයක් ඇති පලාතක්. නැවත බටහිරට යාම සිහිගන්වමින් රි වෙස්ටන් කියන නම හැදුනු බව කියවනවා. මෙම ප්‍රදේශය ලංකාවේ දැනට තිබෙන දුශ්කරම ප්‍රදේශවලින් එකක්.

මෙම ගමනේදී අපි මුලින්ම පසුකලේ මහ ඹබරකිරි ඇල්ල​, එයට ප්‍රධාන මාර්ගයේ සිට 300 ක් පමන වනය තුලට යායුතු වනවා. මෙම ස්ථානය ඉතා සුන් දර ස්ථානයක් වුවත් දිය නැමට සුදුසු ස්ථානයක් නොවේ , එක් වරම අඩු වැඩි වන වතුර පහර නිසා වටිනා ජීවිත රාශියක් අහිමි වෙලා අවසන්, මෙම ස්ථානයේ ඇති වැල් පාලම මෙයට ගෙනෙන අසිරිය අනර්ඝයි.

මෙම වැල් පාලමෙන් එගොඩවී 50 m ක් පමන ගිය විට කුඩා ඹබරකිරි ඇල්ල හමුවනවා.මෙය ඔබ මාතලේ හරහා රිවෙස්ටර්න් යනවනම් නැරඹිය යුතුම ස්ථානයක්.





ඉන් අනතුරුව අපි සුලං කපොල්ල එසේ නැත්නම් ටවර් කුලුණු තිබෙන ස්ථානයට පැමිනියා.
ඇතින් පෙනෙන මානිගල ගැන විස්තරයක් එම ස්ථානයේ සිටින පුද්ගලයෙකුගෙන් අපි අසාගත්තා,  මේ මානිගල සුවුශේෂ ස්ථානයක් මොකද කිවොත් මේ වාගේම මැද කොටුවක් තියන ගලක් පේරූ රටේ තියනවා. ඒක තාරකා දොරටුවක් ලෙස පරික්‍ෂකයන් පවසනවා. මේ පේරූ රට කියන්නේ ලොකයේ ගුරුත්ව බලය වැඩිම රට​. ලංකාව කියන්නේ  ගුරුත්ව බලය අඩුම රට . ඉතින් මෙම රටවල් දෙකේ පමනක් මෙවනි එක සමාන ස්ථාන දෙකක් පිහිටා තිබිම අවදානය යොමුවි ඇති කාරණයක්. මෙම ගලේ තවත් විශේශත්වයක් නම් මෙම ගල ආශ්‍රයෙන් වේලාව නිර්නය කිරිමට පිටවල​, ඇටන්වල වැනි ගම්මාන වල ගැමියන් පුරුදූවි තිබිමයි.පිටවලපතන ප්‍රදේශයේ සිට මෙම ගල නිරීක්ශනය පහසුවුවත් මෙම ගමනේ සුඳරත්වය විදිමට මානිගල තරණය කලයුතු වනවා. බොහෝ වීදේශිකයන් මෙම ගල තරණය කිරිමට මෙහි පැමිනෙනවා.

මානිගල 









 මානිගල සහ පේරූ තාරකා දොරටු

ඉන් අනතුරුව අපි ගියේ පිටවල පතනට හා එහිම තිබෙන පුන්චි ලෝකාන්තයට​, මේ පිටවල කියන නම හැදිලා තිබෙන්නෙ අතීතයේ හිටිය රජවරුන් වැරදිකරුවන් මෙම ප්‍රදෙශයට පිටිවහල් කල නිසා බවට මතයක් වෙනවා.පිටවල පතන කියන්නේ හොර්ටන් තැන්නට සමාන දේශගුනික සහ පරිසර පද්ධතියක් තිබෙන ප්‍රදේශයක්. මෙහි තවත් විශේෂයක් නම් හොර්ටන් තැන්න මෙන්ම මෙහිද ලෝකාන්තයක් පිහිටා තිබිමයි. මෙහි සිට හිරු බසිනා අවස්ථාවේ ජායාරූප කිහිපයක් ගැනිමේ අවස්ථාව මට උදාඋනා. .


























රාත්‍රියත් උදා උන නිසා අපි නවාතැන්පොලේ ලැගුම් ගෙන අපගේ ඉදිරි දිනයේ සංචාරය සැලසුම් කලා
ඉතින් යහලුවේ අපේ ඊලග දවසේ නැරඹුම් ස්ථාන වශයෙන් යොදා ගත්තේ

1. ඇටන්වල වැද්දා පැනි ඇල්ල​
2. ඉලුක්කුඹුර සේර ඇල්ල​
3. තෙල්ගමු ඔය​


 ඇටන්වල වැද්දා පැනි ඇල්ල​
ඉලුක්කුඹුර සේර ඇල්ල​
 තෙල්ගමු ඔය​

ඇත්තටම මෙම සවාරිය බොහොම සුන් දර සවාරියක් වුනා මොකද අපේ අවසානය වුනේ මෙම ස්ථාන නරඹා වස්ගමුව වනෞද්‍යනය මැදින් තිබෙන මාර්ගයේ මහියංගනය කරා ලගාවීම​, ඇත්තටම මහියංගනය සිට පල්ලෙගම හරහා  මාතලේ මාර්ගය ලංකාවේ මෝටර් බයිසිකල් වලින් සංචාරය කරන විදේශිකයන් අතර ජනප්‍රිය වෙමින් පවතින් මාර්ගයක් මෙම ගමන් මාර්ගයේ මට ආවරනය කිරිමට නොහැකිවුන ලක්ගල , වස්ගමුව​, ලංකාවේ ස්වයංපොෂිත සුන් දර ගම්මානයක් වන ඇටන්වල වල ඇතුලු සුන් දර ස්ථාන බොහොමයක් පවතිනවා. රථ වාහන වලින් යාහැකි පහසු ගමන් මාර්ග තිබුනත් ඇටන්වල​, වැද්දා පැනි ඇල්ල ඇතුලු සමහර ස්ථානවලට පහසුවෙන්ම ඇතුලු විය හැකි ගමන් රථය මෝටර් බයිසිකලයයි.
ඉතින්  සංචාරයන් සොයා යන මිතුරනේ සැරිසරන්න මේ සොදුරු පියසේ , දුම් බර මිටියාවතේ සුන් දරත්වය මතුවටත් ඉතිරි කරමින්..........

Friday, November 22, 2013

පැරකුම් සයුර වටා අසිරිය​...........

පසුගිය සීගිරියේ ලිපියට ලබාදුන් ඉහල ප්‍රතිචාර ගැන ස්තුතියි.මේ ප්‍රතිචාර නිසා ලියන්න නොහිතා හිටියත් දන්නා තැනක් ගැන නොදන්න දෙයක් 2 කොටස ලියන්න තීරනය කලා. නමුත් ඊට පෙර මගේ තවත් චාරිකාවක ප්‍රතිපල ඔයාලට ගෙනෙන්නයි සූදානම​..........

 අද මම කතා කරන්නෙ පරාක්‍රම සමූද්‍රයහි වැව් බැම්ම දිගේ ඒ වටා ඇති සුන් දර සහ ඓතිහාසික දේවල් නීරික්ශනය සහ ගවේශනය කරමින් ගියපු සුන්දර ගමනක් පිලිබදව​........


දීප උයන​ (deepa uyana - island garden)

අපි මුලින්ම ගියේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ තිබෙන දීප උයන හෙවත් ජල උයනට​.මෙය පොලොන්නරුව නගරයේ සිට 500 පමන දුරින් පිහිටා තිබෙන්නක්. මෙය අපිට පොලොන්නරු යුගයේ පරාක්‍රම සමූද්‍රයට තිබු බැදීම පෙන්වන ස්ථානයක්.

දීප උයනේ ඇති නැරඹුම් ස්ථාන​

1.පොලොන්නරු කෞතුකාගාරයයි

2,අනන්ත නාග පොකුණ​
3. ධවලාගාරය​
4.නිශ්ශංකමල්ල රජුගේ රාජ සභාව
5.නිශ්ශංකමල්ල   රජුගේ මාලිගාව
6. නිශ්ශංකමල්ල  රජුගේ ගිම්හාන නිවස
7.ශීත මාලිගය​

මෙයට ඇතුල් වීමේදී මුලින්ම ඇස ගැසෙන්නේ පොලොන්නරු කෞතුකාගාරයයි. ඉන් අනතුරුව අනන්ත නාග පොකුණ හමුවේ. මෙය නිශ්ශංකමල්ල රජු විසින් කරවූ බව සදහන්වේ. මෙහි එවකට රාජකීයයන්ට දිය නැම සදහා සකස් කල පොකුනු දැක්මට ඇත​.මෙහි තවත් විශෙෂත්වයක් වන්නේ පැරකුම් සයුරේ ප්‍රධාන සොරොව්වෙන් නිකුත් වන ජල දහර කෙලින්ම මෙම පොකුණට පැමිනීමයි.
අනන්ත නාග පොකුණ​
ගල් සොරොව්ව​



රාජකීය නාන පොකුණ​

දීප උයනේ ඉන් අනතුරුව පැරනි ජල ටැංකියක පාදම හමුවන අතර එහි පිටටත යන ජලය රාජකීය නාන පොකුණ කරා යොමුකර ඇත​. එය වියළී කාලයේ රාජකීයන් භාවිතා කලේ යයි සිතිය හැක​.

ඉන් අනතුරුව ඇති ගොඩනැගිල්ල කුමක් දැයි අදවනතෙක් සොයාගෙන නොමැති අතර එය මහා පරාක්‍රමබාහු රජුගේ සොහොනයයි මතයක් පවතී. එහි බිත්තියේ කපරාරුව සහ රතු පැහැ තින්ත වර්ණ රටා අදටත් මැනවින් ආරක්‍ෂාවී ඇත​.
ධවලාගාරය​


ගොඩනැගිල්ලේ කපරාරුව සහ වර්ණ රටා නොනැසී පවතින අයුරු

ඉන් අනතුරුව ඇති ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල රජුගේ රාජ සභාව වන අතර එහි එක් එක් නිලයන්ට අදාල ආසනය නම්කර ඇත​. මෙහි නිශ්ශංකමල්ල රජූගේ ආසනය සිංහ රූපය සහිත ආසනය වන අතර ඉන් රජු සිංහලයේ පාලකයා බව අදහස්වේ.මෙය තනිමහල් ගොඩනැගිල්ලක් වන අතර ගල් කණු ඉහලින් දැව පරාල යොදා වහල ගසා තිබූ බවට සදහන්වේ


නිශ්ශංකමල්ල රජුගේ රාජ සභාව


සිංහාසනය​


ඉන් අනතුරුව ඇති ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල   රජුගේ මාලිගාව වන අතර එහි ඉහලට නැගීමට පියගැට පෙලක් ඇත​.මෙහි බිත්තිවල ඝනකම ඉතා විශාල වන අතර පාදක සහ බිත්ති උඩ පමනක් වහල ඇති නිසා එහි බර දරා ගැනිමට මෙතරම් විශාල බිත්ති තනා ඇතැයි සිතිය හැක​.

 නිශ්ශංකමල්ල   රජුගේ මාලිගාව


ඝනකම් බිත්ති
ඉහලට පියගැට​











ඉන් අනතුරුව වැවට මුහුනලා ඇති ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල  රජුගේ ගිම්හාන නිවස වන අතර රජු වියළි කාලයේ මෙම නිවස භවිතා කල බව සදහන්වේ.
නිශ්ශංකමල්ල  රජුගේ ගිම්හාන නිවස


දීප උයනේ සිට බැලූවිට පරාක්‍රම සමූද්‍රයේ දූපත් දෙකක නටබුන් පෙනෙන අතර ඉන් එකක් පරාක්‍රම බාහූ රජුගේ ශීත මාළිගය බව පිලිගැනිමයි. රජු ගිම්හානයේදි වාසය සදහා වැව මැද පිහිටි මෙම මාළිගය යොදාගත් බව සදහන්වේ.

ශීත මාලිගය​
නටඹුන් පිරි දූපතක්

 

 පොත්ගුල් වෙහෙර (Pothgul vehera)

ඉන් අනතුරුව අපි වැව් ඉව්‍ ර දිගේ පොත්ගුල් වෙහෙර පරිශ්‍රයට පැමිණියා, මෙහි ඇති පුලතිසි ඍෂි ප්‍රතිමාව පොලොන්නරු යුගයේ කළාශිල්පින් ගේ නිපුනත්වය පෙන්වන්නක්. මේ ප්‍රතිමාව පිලිබදව මත තුනක් පවතිනවා. ඉන් ප්‍රබලම මතය මෙය මහා පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිමාවක් බව​, අනිත් මතය වන්නේ පුලතිසි පුරය තම රාජධානිය කරගත් රාවනා රජුගේ ආදිතමයෙක් වන  පුලතිසි ඍෂිවරයාගේ බව නමුත් මෙම ප්‍රතිමාවේ රාජාභරණ කිසිවක් පැලද නැති නිසා කපිල ඍෂිවරයාගේ බවටද මතයක් පවතිනවා. කෙසේ වෙතත් මෙහි මුහුනේ හැගුම් ඉතා ප්‍රබලව නිරූපනය වනවා. මෙම ප්‍රතිමාව ඇති ගල පොලොවේ පිහිටි ගල නොවේ. මෙම ගල පිටතින් ගෙනත් තැන්පත් කර ප්‍රතිමාව කර ඇති බවට මතයක් ඒ අනුව ගොඩනැගි තිබෙනවා.

පිහිටි ගල සහ තැන්පත් කල ගල​


රාජාභරන නොමැති ප්‍රතිමාව​


මුහුනේ දුක්බර හැගුම් ඇයිද​???????????

පොත්ගුල් විහාර සංකිර්ණයේ තවත් හදුනා නොගත් චෛත්‍යයක් සහ වටකුරු ආරාමයක් පවතිනවා. මෙවන් වටකුරු ආරාම බුරුම​, තායිලන්තය වැනි රටවල් වල දක්ණට තිබුනත් ලංකාවේ දක් නට ඇත්තේ මෙහි පමනයි.


අංගමැඩිල්ල ජාතික උද්‍යායානය (angamedilla national park)


ඉන් අනතුරුව අපි වැව් ඉවුර දිගේ අංගමැඩිල්ල ජාතික උද්‍යායානය කරා පැමිනියා. මෙම උද්‍යානය සෆාරි කටයුතු සදහ විවෳත කර තිබුනත් මෙය සංචාරක කුරුල්ලන් ගේ රාජධානියක් එසෙම සමනල්ලු වර්ග විශාල ප්‍රමානයක් වදුරන් විශේශ කිහිපයක් සහ තවත් වන සතුන් මෙහිදි නැරඹිය හැකිය​.