Pages

......එන්න ආශ්වාදය විදින්න​,ඔබගේ පිය සටහන් පමනක් තබා යන්න​......
............Leave only foot prints, Take only photographs.............

Sunday, December 8, 2013

රිවර්ස්ටන් යමුද​?????



සංචාරක ස්ථාන​..
1. බඹරකිරි ඇල්ල​
2. මානිගල - (තාරකා දොරටුවක්ද​????)
3.පිටවලපතන​
4. පුන්චි ලෝකාන්තයව්
5.වැද්දා පැනි ඇල්ල​
6. සේර ඇල්ල​

7. තෙල්ගමු ඔය​


සුන් දර නකල්ස් වනපෙතේ හුලුගග හරහා සවාරිය ඔබට ගෙනාවා මතක ඇති. එම ගමන් මාර්ගයෙන් බැහැරව නකල්ස් තරණය කල හැකි මාර්ග දෙකක් පවතිනවා
1. මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන්
2.මහියංගනය හෝ පොලොන්නරුවේ සිට ඉලුක්කුඹුර හරහා රිවර්ස්ටන්

අපි අපගේ චාරිකාව මෙම මාර්ග දෙකම ආවරනය වන පරිදි යොදාගත්තා




මුලින්ම අපි මාතලේ නගරයට පැමිණ රත්තොට හරහා රිවර්සටන් වෙත ලගාවුනා, ඇත්තටම රිවර්ස්ටන් කියලා ස්ථානයක් මෙම ප්‍රදේශයේ විවහාර වන්නේ නැහැ. මෙම ප්‍රදේශය නුවරඑළිය ප්‍රදේශය වාගේම බටහිර රටවල දේශගුනයක් ඇති පලාතක්. නැවත බටහිරට යාම සිහිගන්වමින් රි වෙස්ටන් කියන නම හැදුනු බව කියවනවා. මෙම ප්‍රදේශය ලංකාවේ දැනට තිබෙන දුශ්කරම ප්‍රදේශවලින් එකක්.

මෙම ගමනේදී අපි මුලින්ම පසුකලේ මහ ඹබරකිරි ඇල්ල​, එයට ප්‍රධාන මාර්ගයේ සිට 300 ක් පමන වනය තුලට යායුතු වනවා. මෙම ස්ථානය ඉතා සුන් දර ස්ථානයක් වුවත් දිය නැමට සුදුසු ස්ථානයක් නොවේ , එක් වරම අඩු වැඩි වන වතුර පහර නිසා වටිනා ජීවිත රාශියක් අහිමි වෙලා අවසන්, මෙම ස්ථානයේ ඇති වැල් පාලම මෙයට ගෙනෙන අසිරිය අනර්ඝයි.

මෙම වැල් පාලමෙන් එගොඩවී 50 m ක් පමන ගිය විට කුඩා ඹබරකිරි ඇල්ල හමුවනවා.මෙය ඔබ මාතලේ හරහා රිවෙස්ටර්න් යනවනම් නැරඹිය යුතුම ස්ථානයක්.





ඉන් අනතුරුව අපි සුලං කපොල්ල එසේ නැත්නම් ටවර් කුලුණු තිබෙන ස්ථානයට පැමිනියා.
ඇතින් පෙනෙන මානිගල ගැන විස්තරයක් එම ස්ථානයේ සිටින පුද්ගලයෙකුගෙන් අපි අසාගත්තා,  මේ මානිගල සුවුශේෂ ස්ථානයක් මොකද කිවොත් මේ වාගේම මැද කොටුවක් තියන ගලක් පේරූ රටේ තියනවා. ඒක තාරකා දොරටුවක් ලෙස පරික්‍ෂකයන් පවසනවා. මේ පේරූ රට කියන්නේ ලොකයේ ගුරුත්ව බලය වැඩිම රට​. ලංකාව කියන්නේ  ගුරුත්ව බලය අඩුම රට . ඉතින් මෙම රටවල් දෙකේ පමනක් මෙවනි එක සමාන ස්ථාන දෙකක් පිහිටා තිබිම අවදානය යොමුවි ඇති කාරණයක්. මෙම ගලේ තවත් විශේශත්වයක් නම් මෙම ගල ආශ්‍රයෙන් වේලාව නිර්නය කිරිමට පිටවල​, ඇටන්වල වැනි ගම්මාන වල ගැමියන් පුරුදූවි තිබිමයි.පිටවලපතන ප්‍රදේශයේ සිට මෙම ගල නිරීක්ශනය පහසුවුවත් මෙම ගමනේ සුඳරත්වය විදිමට මානිගල තරණය කලයුතු වනවා. බොහෝ වීදේශිකයන් මෙම ගල තරණය කිරිමට මෙහි පැමිනෙනවා.

මානිගල 









 මානිගල සහ පේරූ තාරකා දොරටු

ඉන් අනතුරුව අපි ගියේ පිටවල පතනට හා එහිම තිබෙන පුන්චි ලෝකාන්තයට​, මේ පිටවල කියන නම හැදිලා තිබෙන්නෙ අතීතයේ හිටිය රජවරුන් වැරදිකරුවන් මෙම ප්‍රදෙශයට පිටිවහල් කල නිසා බවට මතයක් වෙනවා.පිටවල පතන කියන්නේ හොර්ටන් තැන්නට සමාන දේශගුනික සහ පරිසර පද්ධතියක් තිබෙන ප්‍රදේශයක්. මෙහි තවත් විශේෂයක් නම් හොර්ටන් තැන්න මෙන්ම මෙහිද ලෝකාන්තයක් පිහිටා තිබිමයි. මෙහි සිට හිරු බසිනා අවස්ථාවේ ජායාරූප කිහිපයක් ගැනිමේ අවස්ථාව මට උදාඋනා. .


























රාත්‍රියත් උදා උන නිසා අපි නවාතැන්පොලේ ලැගුම් ගෙන අපගේ ඉදිරි දිනයේ සංචාරය සැලසුම් කලා
ඉතින් යහලුවේ අපේ ඊලග දවසේ නැරඹුම් ස්ථාන වශයෙන් යොදා ගත්තේ

1. ඇටන්වල වැද්දා පැනි ඇල්ල​
2. ඉලුක්කුඹුර සේර ඇල්ල​
3. තෙල්ගමු ඔය​


 ඇටන්වල වැද්දා පැනි ඇල්ල​
ඉලුක්කුඹුර සේර ඇල්ල​
 තෙල්ගමු ඔය​

ඇත්තටම මෙම සවාරිය බොහොම සුන් දර සවාරියක් වුනා මොකද අපේ අවසානය වුනේ මෙම ස්ථාන නරඹා වස්ගමුව වනෞද්‍යනය මැදින් තිබෙන මාර්ගයේ මහියංගනය කරා ලගාවීම​, ඇත්තටම මහියංගනය සිට පල්ලෙගම හරහා  මාතලේ මාර්ගය ලංකාවේ මෝටර් බයිසිකල් වලින් සංචාරය කරන විදේශිකයන් අතර ජනප්‍රිය වෙමින් පවතින් මාර්ගයක් මෙම ගමන් මාර්ගයේ මට ආවරනය කිරිමට නොහැකිවුන ලක්ගල , වස්ගමුව​, ලංකාවේ ස්වයංපොෂිත සුන් දර ගම්මානයක් වන ඇටන්වල වල ඇතුලු සුන් දර ස්ථාන බොහොමයක් පවතිනවා. රථ වාහන වලින් යාහැකි පහසු ගමන් මාර්ග තිබුනත් ඇටන්වල​, වැද්දා පැනි ඇල්ල ඇතුලු සමහර ස්ථානවලට පහසුවෙන්ම ඇතුලු විය හැකි ගමන් රථය මෝටර් බයිසිකලයයි.
ඉතින්  සංචාරයන් සොයා යන මිතුරනේ සැරිසරන්න මේ සොදුරු පියසේ , දුම් බර මිටියාවතේ සුන් දරත්වය මතුවටත් ඉතිරි කරමින්..........