Pages

......එන්න ආශ්වාදය විදින්න​,ඔබගේ පිය සටහන් පමනක් තබා යන්න​......
............Leave only foot prints, Take only photographs.............

Monday, October 28, 2013

DIMBULAGALA (PART 2) - Namal Pokuna & Pulligoda Paintings


 Dimbulagala part 2 (දිඹුලාගල 2 )


මෙච්චර ඉක්මනට දෙවෙනි ලිපියක් දමන්න මගේ සුදානමක් තිබුනෙ නෑ. ඒත් පලවෙනි ලිපිය පැය 24 ට 123 ක් කියවලා. ස්තුතියි සියලූම දෙනාට දුන්න support එකට​. සිංහලෙන් ලියන්න කියලා මගෙන් ඉල්ලපු චමත් / චතුර මිතුරන් දෙන්නටත් දෙවෙනි ලිපිය ඉක්මනින් ඉල්ලපු සමුදිත​/ තිලින මල්ලිලා දෙන්නටත් බොහෝම ස්තූතියි. දෙයියනේ උදේ 1.00 මේ වෙලාවට නිදාගෙන ඉන්න මම අද ලියුම් ලියනවා. මටම පුදුමයි.

දිඹුලාගල 2 

පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ 11 km ගොස් අනතුරුව මනම්පිටීය මහියංගනය මාර්ගයේ 7 km ක් ගිය විට ඓතිහාසික දිඹුලාගල පුරය හමුවේ .රාවනා යුගයටත් පෙර ජනාවාස තිබු බවට සැලකෙන දිඹුලාගල පුරය එකළ යක්‍ෂ ගෝථික ජනාවාසයකි.

එකළ මෙය යක්කුරේ ලෙස හැදින්විය​. අදටත් මේ ආසන්නයේ විවාදිත නුවරගල ( මමියක් ගිනිතිබු බවට සැලකෙන​) අසල යක්කුරේ ගම පිහිටා ඇත​. (මෙම මමිය යක්‍ෂ ගෝථිකයකුගේ වියහැක​)

ජනකථා අනුව බුදුන්ගේ පලමු ලංකා ගමනයේදි මහියංගනයහි පැවති නියගය නිසා දිඹුලාගලින් ජලය රැගෙන ගොස් පූජා කොට ඇත​. එවිට බුදුන් මෙම පොකුනේ ජලය ඖෂධ වේවායි පතා ඇති නිසා දිඹුලාගල ගල් ලෙන් වල ඇති පොකුනේ ජලය ඖෂධ වූවායි සැලකේ. අදටත්  නොසිදෙන මෙම පොකුන   ඖෂධ  පොකුන නම්වේ.

ඉන් අනතුරුව හෙලයේ පලමූ සිංහල { සින්හ + හෙල​( යක්‍ෂ, රක්‍ෂ, නාග​,දේව)} රජූ වන පන්ඩූකාභය කුමරුට සින්හාසනාරූඨයට සහයෝගය ලබා දුන්නේ රිටිගල සහ දිඹුලාගල යක්‍ෂ ගෝථිකයන් බව ඉතිහාසයේ සදහන්‍ව ඇත.

අනුරපුර මුල්‍ යුගයේ දිප්තිමත් ස්ථානයක් වු මෙය ඉන් දිය ආක්‍රමණ වලින් ජනාශුණ්‍ය විය​. ඉන් අනතුරුව වළගම්භා රජු ලෙන් විහාර කරවා සග සතු කර ඇත​.

 මෙහි ඇති පුල්ලිගොඩ ලෙන් සිතුවම් මෙතෙක් හමුවු පැරනිතම සිතුවම් වන්නේය​. ඒවා සිගිරි සිතුවම් වලට දෙවෙනි නොවන්නේය​.

ඉන් අනතුරුව මෙය පොලොන්නරු යුගයේ දිවයිනේ ප්‍රධානතම ආගමික සහ අධයපනික ස්ථානය විය​.

මහා පරාක්‍රමබාහු රජු මෙය කොටස් දෙකකට වෙන් කල අතර භාවනා යෝගීන් වැඩ සිටියේ සිංහගල මුදුනේ ඖෂධ  පොකුන අබියස පිහිටි ලෙන් විහාර සංකීර්ණයයි.
වනගත මාර්ග ඔස්සේ මෙම ස්ථානයට ලගාවීම ඉතා ආශ්වාදජනකය​. මගුල් දමණ ඔස්සේ මාරයාගේ වීදිය තරණය මෙම ගමනේ ආශ්වාදය වඩවයි.

නාමල් පොකුණ විහාරය එකළ ප්‍රධානතම සාමාජීය ස්ථානය වූ අතර මෙයටද වනගත මාර්ග ඔස්සේ ලගාවිය යුතු තවම නොඉදුල් අලංකාර ස්ථානයකි.

ආසන්නයේ ඇති වෙනත්  සංචාරක ස්ථාන​:

1. පොලොන්නරුව පූජා නගරය​
2. මින්නේරිය අභය භුමිය​
3.කවුඩුල්ල ජාතික උයන​
4.මාදුරු ඔය සහ වස්ගමුව ජාතික උයන​
5.වෙහෙරගල සහ නුවරගල කදු සහ වනගත පුජා ස්ථාන​
6.මහියංගනය​

එන්න මේ සුන් දර දසුන් විදින්න​. අනාගතයටත් තබා යන්න​.

(ස්තූතිය ; චමත්;http://hasarallak.blogspot.com/   / චතුර;http://automationeng.blogspot.com  )

ඉදිරියෙදිත් හමුවෙමු................


Namal Pokuna Ancient Temple

Route -1. Polonnaruwa to Manampitiya Junction 
2. Manampitiya to Namal pokuna 6.4 Km
     
          History: At Polonnaruwa Era Dimbulagala Was a most famous Religious & Education center in sri lanka . King Great Parakramabahu  developed dimbulagala as Two sections . 
                    
                       1. Vidarshana Section
                       2. Education Section
          
           Vidarshana section was a dimbulagala Crave temple & Education section was a Namal pokuna ancient temple.Namal pokuna is a mid rocky mountain type jungle temple. This temple still not moderate so that we  still can see the ancient look of this temple.


Namal Pokuna Chaittaya

Blue Water Pond Dimbulagala




Oiled Lantern
Pulligoda Paintings

pulligoda paintings is a most oldest paintings found in sri lanka. lot of Archaeologist make a debate about pulligoda paintings. this is shown a five males seated in a cushion. but meaning is  debate some one tell it is depicted here have reached a stage of attainment (sovansakrudagamianagami or arhat) as signified by the oval aura shaded red behind each head. This is second to sigiriya paintings cause of dr. senarath paranavitanas fault. he told this paintings did at polonnaruwa era. but carbon test confirm it is oldest than sigiri paintings.  



pulligoda gal gedara


10 comments:

  1. super article keep on. sinhala writing is good than english

    ReplyDelete
  2. pulligoda paintings is superb............. can you send me more image about pulligoda

    ReplyDelete
  3. thanks to all for comeenting, anymous pls send your email adress to send the photos

    ReplyDelete
  4. නොදැන සිටි කරුණු රැසක් දැනගත්තා..එළ..ඔහොමයන් ..ඔහොමයන්

    ReplyDelete
  5. Your info helps lot bro............

    ReplyDelete
  6. ela ela.........keep it up matcho.........!

    ReplyDelete