Pages

......එන්න ආශ්වාදය විදින්න​,ඔබගේ පිය සටහන් පමනක් තබා යන්න​......
............Leave only foot prints, Take only photographs.............

Monday, November 11, 2013

දන්නා තැනක් ගැන නොදන්නා දෙයක්.............

දන්නා තැනක් ගැන නොදන්නා දෙයක්.............

සිගිරි ලලනා රූපවල  චීන සහ  අප්‍රිකා කාන්තාවන් නිරූපිත බව ඔබ දන්නවාද​????????
සුදු ජාතික බෙල් පැරනි මග වැසූවාද​????
සිගිරියේ ඇත්තේ සින්හ පාදයක්ද​???
කූවේරයාගේ ආලකමන් දාව යනු කුමක්ද​??????????
සීගිරියේ නිර්මාත්‍රකරූ කෂ්‍යපද​?????? කුවේරද​???

මා පහුගිය මාස 6 ක පමන කාලයක් දඹුල්ල ප්‍රදේශයේ වාසය කලේ රාජකාරි කටයුතු සදහා වුවත් ඊටත් වඩා මගේ කුතුහලය පිරී ගිය කාරනාවක් මට තිබුනා. ඒ සීගිරිය ගැන​.වීශේෂයෙන්ම මට හමුවූ වයස අවූරුදු 95ක සීයා කෙනෙක් ප්‍රකාශ කලා බෙල් මහතා විසින් සීගිරි ගල නැග්ගේ පිටින් නෙමේ ගල තුල තිබු කුහරයක් තුලින් බවත් එම මාර්ගය බෙල් විසින්ම වසා දැමූ බව් ඔහුගේ පියා ප්‍රකාශ කල බව​. මෙම සිද්ධියේ සත්‍යතාවය කුමක් වුවත් සීගිරිය පිලිබද පූරාවිද්‍යා ගවේශකයන් ගේ නවතම මත කිහිපයක් අද මම ඔබට ඉදිරිපත් කරනවා.



අපි දන්නා ඉතිහාසයට අනුව සීගිරිය යනු කෂ්‍යප රජු තම සහෝදරයාගෙන් ආරක්‍ෂාවිමට  සැදු බල කොටුවකි. එහි මාලිගාවන්, සිගිරී ලලනා සිතුවම් කෂ්‍යප රජු (477 - 495) විසින් කරවූ බව ඓතිහාසික සාධක අනුව සනාතය​.
නමුත් මිතුරනි මහාවංශයට අනුව කසුප් රජුගේ රාජ්‍ය කාළය වසර 18 කි. ඔහුට මෙවන් විශාල රාජධානියක් නිමවුමට පවා ඊට වැඩි කාලයක් ගතවන බවට මතයක් පවතී.

ඔබ දන්නවාද ?????????? එම සිතුවම් වල  චීන සහ  අප්‍රිකා කාන්තාවන් නිරූපිත බව...


අප්‍රිකා සහ හෙල කාන්තාවන් දෙදෙනෙක්


චීන කාන්තාවක්

මේ සිතුවම් වල පෙන්වන්නේ බුදුන් පිදුමට පිදුරංගල බලා යන අඩනිරුවත්  කාන්තාවන් බවට වූ මතයක් සහ​
මෙම සිතුවම් පෙන්වන්නේ  රජූගේ බිසෝවරු බවට මත දෙකකී. එසෙම මෙහි ඇති සිතුවම් දෙකක මල් අත දරා ගත්  චීන සහ  අප්‍රිකා කාන්තාවන් නිරූපනය වේ. ඒ අනුව රජුට චීන සහ  අප්‍රිකා බිසෝවරු සිට ඇති බවට උපකල්පනය කල හැක​.

එසෙ නැත්නම් සේද මාවතේ වෙලදාමේ ගිය වෙලෙන් දෙකු විසින් නිමවූ සිතුවම් විය හැක​.  කෙසේ වෙතත් ජනාප්‍රවාදයේ සදහන් අන් දමට මෙම බිතු සිතුවම් ඇදි ශිල්පියා අඳ බාවයට පත් කල බව සදහන් වේ.

මෙහි පවසන රජු කවුද​????????? සීගිරි කසුප්ද ???? රාවනාද​??? කුවේරද​???
රාවනා රජූ සිතුවම් 500කින් සමන්විත චිත්‍රකූථයේ වාසයකල බව රාමායනය සදහන් කරයි.සීගිරිය යනු එම ස්ථානයද යන්න තවම සනාථ නැත​.

එසේම මෙහි කැටපත් පවූර විශේෂිත පොසිලීන් විශේෂයකින් කෂ්‍යප රජු විසින් නිමවා ඇත​. ඒසේම ඉහල මාලයේ ඇති මාලිගා සංකීර්ණය රජු විසින් ඉදිකොට ඇත​.

නමුත් මෙහිදී විශෙශත්වය  රජු විසින් ඉහල මාලයට ලගා විමට , පඩිපෙලක් ඉදි නොකට තිබිමයි. ඇත්තටම එසේ වීද?????
ඉතිහාසයට අනුව සීගීරි රාජධානිය ගොඩ නැගීමේදී කෂ්‍යප රජු විසින්  සීගිරියේ තිබූ පන්සල ඉවත් කර පිදුරංගල වීහාරය ඉදිකර පූජා කරවූ බව සදහන්වේ සෙල්ලිපිවල සදහන් වේ.

ඒ අනුව සීගිරි ගල මුදුනට නැගුමට භික්‍ෂුන්ට පහසූ මාර්ගයක් සීගීරි රාජධානිය පිහිටීමට පෙර තිබූ බව පැහැදිලිය​. රජූ විසින් ද එම මාර්ගය භාවීතා කරන්නට ඇත​.

එය ගරුඞ පාදය( සිංහ පාදය​) අසලින් පටන් ගෙන ගල  ඉහලට නැගිමට පහසු මාර්ගයක්  තිබෙන්නට ඇත​. බෙල් විසින් සීගිරි ගල මුදුනට නැගුමට පාදා ගත් මාර්ගය මෙය විය හැක​. නමුත් එම මාර්ගය දැවැන්ත පූරාවස්තු කොල්ලයකින්   පසුව වසා දැමුවාද​????????
ප්‍රදේශයේ පැරැන්නන් අතර එවන් මත පවතී,

මෙහි සිංහ පාදයද එසේ නොවන බවත් රාවනා රජු ගේ සංකේතයක් වූ ගරුඩ පක්‍ෂියාගේ පාදය නිරූපිත බවට  මතයකි. ඊට හේතුවනම් සිංහයාට නිය 4 කුත් ගරුඩාට නිය 3කුත් තිබීම වේ. මෙහි ඇති සිංහ පාදයේ නිය 3ක් පමනක් නිරූපිතය​.

මේ පිලිබදව ඇති එක් මතයක් වන්නේ රාමායනයේ පවසන රාවනා සොයුරු කූවේරගේ වාසබවනය වන බැවින් කූවේරගේ ආලකමන්දාව ලෙස​  හදුන්වන බවයි. එසේම මෙහි ජල උයන් පද්ධති කූවේර නිමවුම් බවත් 1970 දශකය වනතුරු මෙහි වතුර මල් නිසි පරිදි ක්‍රියාත්මක වූ බව සදහන්වේ.   අදටත් වැසි අධික කාල වල යන ඔබට මෙහි වතුර මල් වල ක්‍රියාකාරිත්වය දැකිය හැක​.
වැඩි විස්තර සදහා: :https://sites.google.com/site/sigiriyasl/more-history
තරමක් ක්‍රියාත්මක වතුර මලක්

(While my visit to Sigiriya, I was asking myself the question, how can a king who only ruled for 18 years, build and develop a place like Sigiriya? Of cause what we see today is just bits and pieces of what was once a Royal three story palace and a park, complete with fountains, swimming pools and beautiful kiosks. It could be that the King Kashyapa ruled for more than 18 years, and the author if Mahavansa got the timing incorrect. However we have reason to believe this is not the case, simply because the Author of Mahavansa (Venerable Mahanama Thero) actually witnessed the whole story from the Pidurangala temple which is close to the Sigiriya rock itself.

The other plausible explanation is that Sigiriya was already a fortress and most of its architecture was intact when Kashyapa decided it as the venue for his palace. This is where the folklore aligns with the history records. However it should be noted that Mahavansa or any other history book available to date does not describe this fact.

According to the folklore, Sigiriya was known as Alakamanda or Alakamandawa by Singhalese Yakkha Tribes. Alakamandawa was the palace of Kubera (also called Kuwera).  
more:https://sites.google.com/site/sigiriyasl/more-history

රාවනා රජූට පෙර හෙලයේ අධිපති වූ මෙම රජු ඉංජීනේරූ කාර්‍යන්හී නිපුනයෙකු බවත් පුශ්පික නමින්  ( රාවනා දඩුමොනරය​) යානාවක් තැනූ බවත් බලවත් වූ රාවනා මෙම රජු සමග යුද්ධ කොට මරා දමා සින්හාසනය සමග මෙම යානය පැහැරගත් බව රාමායනයේ සදහන්වේ.ඉන් අනතුරුව රාවනා රජුගේ වාසභවනක් ලෙස භාවීතා වූ බවත් රාමායන විශ්ලේශකයන් පවසයි, මෙහි ඇති ගරුඩ පාදය (රාවනා සංකේතය ගරුඩාය​) රාවනා රජූ ගේ නිමවුමක් බව ඔවුන් ගේ මතයයි. එසේම සීගිරියේ මුක්කු මත ඇති ගල් රාවනා කූවේර සටනේදී කූවේර විසින් භාවීතා කල උපක්‍රමයක් බවද මතයකි.
වැඩි විස්තර සදහා

http://www.ceylontoday.lk/35-4164-news-detail-chitrakuta-the-worlds-first-palace-fortress.html

මෙම සිදුවීම මීට වසර 5000 කට පෙර සිදුව ඇති අතර සීගිරියේ ඉහල මාලයේ  පැරනී පඩිපෙල දෙසට යනවිට ඇති ගොඩනැගිල්ල වසර 5000 ක් පමන පැරනි බවට  සාක්‍ෂි කාල නිර්න පරීක්‍ෂාවලින් මෑතකදී සොයාගෙන ඇත​.
සීගීරී ජල උයන් සදහා ජලය ගෙන යාමට ගල තුලින් මාර්ගයක් සෑදූ කූවේර රජු සීගිරී ගල මත පිහිටි මාලිගා වලට නැගීමට ගල තුලින් මාර්ගයක් නිමවූයේ නැතයි ඔබ සිතනවාද​???????
නැතහොත් රාමායනයේ පවසන පරිදී රාවනාගේ වාසභවයට යාමට නිමවූ සෝපාව පිහිටියේ මෙහිද​????
එසේ තිබූ පහසූ මාර්ගයකින් භික්‍ෂුන්  ඉහලට වැඩි බවට වන විශ්වාශයන් බැහැර කල හැකිද​??????
වැඩි විස්තර සදහා
 http://archives.dailynews.lk/2003/03/06/fea05.html


(Chitrakuta is the only Sri Lankan fortress which had a wooden lift operated from top to bottom. If any one enters this great fortress through the lion's head, he will be able to see a huge hole on the rock. Stone structures and stands both on the top and bottom of this "route-hole" are believed to be places on which the wooden lift had been fixed. King Ravana's period was famous for woodcraft and they used a "lift" too, for the day to day work in the fort.
History relates that Ravana's air-plane was also made of light wood which was brought from Himalayan forests. Archaeologists, historians and some legends say that there were more than 500 paintings on the walls of Chitrakuta and most of them had been dilapidated due to natural causes. King Ravana was talented in all the fine arts as well as physician and pundit.
So, we Sri Lankans should be proud enough to have Chitrakuta or Sigiriya, the world's oldest palace fortress.  more :http://archives.dailynews.lk/2003/03/06/fea05.html )

කුවේර යනු සිංහලින් ධනයෙන් පොහොසත් තැනැත්තාය​. නමුත් හින් දි දහමට අනුව ඔහු සුරක්ශිතතාවයට අධිපති  දෙවි කෙනෙකි. කූවේර රජු බුදු දහමට අනුව සතර වරම් දෙවි රජවරුන් ගෙන් කෙනෙකි . මෙම කුවේරයන් වෛශ්‍රාවන දෙවියන්, වේසගිරි යක්‍ෂයා ලෙස සිංහල සාහිත්‍යයේ සදහන් වේ. ඉසුරුමුණි වෙස්සගිරි විහාරයේ ඇති පෙම් යුවලෙගෙ මූර්තිය කුවේර රජු හා ඔහුගේ බිසවගේ බවට මතයකි.
ධනයෙන් බලයෙන් ආරුථවූ කුවේරයන්විනෝදකාමියෙක් වූ නිසා සීගිරි සිතුවම් ඔහු කරවූ බවට මතයකි.   

වැඩි විස්තර සදහා http://www.ramayanaresearch.com/isurumuniya.html
http://www.lankawisdom.com/deities.htm


හින්දු කුවේර දේව පිලිමයක්
ඉසුරුමුනි පෙම් යුවල​


















මෙම කරූනූ නිසා සීගිරියේ නිමවූම්කරු කුවේරයයි පවසන්නට දැන් දැන් සාක්ශි බොහෝ තිබුනත් සීගිරියේ පවතින වත්මන් තත්වයට හේතූවූ කසුප් රජූ අමතක කල යුතු නැත​.

යන්න සීගීරියට නැරඹීම සදහා නොව ගවේෂනය සදහා.........

(මේ ලිපියෙහි අඩංගූ කිසිදු කරුනක් මාගේ මතයන් නොව​, සීගිරිය පිලිබදව නවතම මතයන් කිහිපයක් ඔබ හමුවේ තැබීමට දරන උත්සහයකි.)

8 comments:

  1. GUD WORK. THESE ALL FACTS VERY VALUBLE

    ReplyDelete
  2. ඕන්න ඉතින් බොරු ලියන්නත් ගත්තා...අර සීයා හම්බුනේ බොට නෙවිනේ...ඒක වෙන ලිපියක මං කියෝපු එකක් වගේ මතකයි...හි...හි...

    ReplyDelete
  3. ඒ කියන්නේ උබත් බොරු ලියලා තියනවා. ඔය ලින්ක් තියන ඒවා බලපන්කො

    ReplyDelete
  4. හුඟක් වැදගත් විස්තරයක්.. ඉතිහාසය හුඟක් වෙලාවට තාම අපැහැදිළි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි..

    ReplyDelete
  5. තව අපහැදිලි තැනක් ඔය කුවේරගේ පොටෝස් වල තියනවා, පොටෝස් 2ම පහන එක අතකත් අනිත් අතේ අනංගයාගේ දුන්නත් තියනවා.

    ReplyDelete
  6. senarath paranwithana hamdema vikurthi krla.. api ape ithihasya gana aththa hoyagnna ona.. niyma wadk.. digtama karn ynna..

    ReplyDelete