Pages

......එන්න ආශ්වාදය විදින්න​,ඔබගේ පිය සටහන් පමනක් තබා යන්න​......
............Leave only foot prints, Take only photographs.............

Tuesday, November 5, 2013

HULU GAGA (දුම් බර මිටියාවතේ රිදී සළුව) - Part 2

Hulu Gaga (Silver shawl of the Misty Valley)

We awoke @ 5.00 Am, because all of us needed to feel a natural beauty. Then we had bathed in sari alla pond.
Then We had planed to go following locations

1. Hulu gaga fall & Bridge
 Hulu gaga fall is a another beautiful fall created by the hulu gaga. It is  flowing down under the hulu gaga Bridge near the Hulu gaga town area..it is 75 m in height.This bridge is 160 - 170 years old.. 

2. Jodhu alla ( Depath Alla)

When I drove at thawalamtanna gs area  (Hulu gaga - Panvila Road), We had seen  two water falls are flowing down  in parallel. it is call as jodu alla. it is 45m in height. 

3. Thaliya watinu alla

Then We had gone allakolla estate. This state maintain by state plantation control. It maintain well. Road also well. We were Lucky to take a full view photographs of Thaliya watinu alla in distance. But hard to reach the pond. It is another beautiful water fall generate by the hulu gaga. It is 53 m in height. But water flow is low because of  Mini hydro power project. We heard from rural society, there is a cave on the rock & you can go behind the fall.

this was a ended of our hulu gaga tour, we will be back with another marvelous journey........ 

දුම් බර මිටියාවතේ  රිදී සළුව හුලු ගගේ සවාරියක්(2 වන කොට​)

සොදුරු දුම් බර මිටියාවතේ සංචාරයේ දෙවෙනි දවසේ අපි ටිකක් වේලාසනින් අවදිවුනා, ඇත්ත්ටම ශිතල සමග දිගින් දිගටම කඩා හැලුනු වැස්ස අපිව අවදි කලා. නමුත් උදේ 6.30 වෙද්දි වැස්ස පායලා මි දුමින් පිරිනු දුම් බර වන පෙත අප ඉදිරියේ සොදුරු දසුන් මැව්වා. ඇත්තටම එම පරිසරය නෙතේ මැවු මනහර බව ජායාරූපවලට නගන්න නොහැකි තරම් සුන් දරයි.



Knukles range in distance





 හුලුගග ඇල්ල

සාරි ඇල්ල වැටෙන ජල පොකුණේ සිතූ තරම් විනෝද වුනු අප ඉන් අනතුරුව හුලුගග ඇල්ල කරා පිටත් වුනා මෙය පාලමක් යටින් කඩා වැටෙන ඇල්ලක්. මෙය හුලු ගග නගරය ආසන්නයේම පවතින 75 උස ඇල්ලක්. මෙම පාලම ඉදිකර තිබෙන්නෙ 1853 අවුරුද්දෙ කියලයි සදහන් වෙන්නේ. ඒ කියන්නෙ අවුරුදු 160 ක් පැරනි පාලමක්.
Hulu Gaga Bridge -since 1853

Hulu Gaga fall 


 ජොඩු ඇල්ල 

හුලු ගග දිය ඇල්ල නැරබිමෙන් අනතුරුව ජොඩු ඇල්ල එහෙමත් නැත්නම් දෙපත් ඇල්ල  නැරබීමට අප පිටත් වුනා. මෙය උසින් 45 වු දිය ඇලි දෙකක් එක ලග එකිනෙකට සමාන්තරව වැටෙන සුන් දර ස්ථානයක්. එම ගමනේ ජායාරූප කිහිපයක් පහල දක්වනවා.








Jodhu alla in distance (මීදුමෙන් වැසුනු ජොඩු ඇල්ල​)
Jodu alla


 තලිය වැටුනු ඇල්ල

ඉතින් යාලුවනේ ඊලගට අපේ සංචාරයේ අවසන් ස්ථානය වන තලිය වැටුනු ඇල්ල නැරබීමට පිටත් වුනා. රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් අලකොල වත්තේ මිටර් 53ක් උස මෙම සුන් දර දිය ඇල්ල පිහිටා තියනවා. මෙහි විශෙෂත්වය වන්නේ මෙහි දිය ඇල්ල තුල ඇති ගල් ගුහාවකට යා හැකි විමයි. නමුත් එම ගමනට කැමරා ආම්පන්න රැගෙන යාමට එරෙහිව දුම් බර මිටියාවතේ කාල ගුණය සටන් කල බැවින් එහි දසුන් නැරබීමට ඔබට ඉදිරිපත්කිරිමට වාසනාව නොමැති විය​.  මෙම ගමනින් අනතුරුව අපේ ගමන අවසන් වෙලා නැවත ගම් බිම් සොයා පිටති වුනා.  ඉතින් යාලූවේ ඔයාලත් මෙම මනරම් මිටියාවතෙ සැරිසරන්න​, නමුත් මෙම පරිසරය අනාගතයෙන් නයට ගත්තක් බව සිහි තබා ගන්න​. 
නැවතත් මෙවෙනිම චාරිකා සටහනකින් හමුවෙමු...............



taliya vetunu alla



5 comments:

  1. උඹ රට වටේම අවිදලානේ බන්ස්....

    ReplyDelete
    Replies
    1. එකනෙ බොස්, තැන්ක්ස් මචෝ . හැබැයි තව ඇවිදින්න තියනවා.

      Delete
  2. ela machan,water mark tawa poddak madata wenna dammanam hodai.

    ReplyDelete
  3. ස්තුතියි෴ ඔබට මේවා බෙදා ගන්නවට....

    ReplyDelete