අද මම කතා කරන්නෙ පරාක්‍රම සමූද්රයහි වැව් බැම්ම දිගේ ඒ වටා ඇති සුන් දර සහ ඓතිහාසික දේවල් නීරික්ශනය සහ ගවේශනය කරමින් ගියපු සුන්දර ගමනක් පිලිබදව........
දීප උයන (deepa uyana - island garden)
අපි මුලින්ම ගියේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ තිබෙන දීප උයන හෙවත් ජල උයනට.මෙය පොලොන්නරුව නගරයේ සිට 500 පමන දුරින් පිහිටා තිබෙන්නක්. මෙය අපිට පොලොන්නරු යුගයේ පරාක්‍රම සමූද්‍රයට තිබු බැදීම පෙන්වන ස්ථානයක්.දීප උයනේ ඇති නැරඹුම් ස්ථාන
1.පොලොන්නරු කෞතුකාගාරයයි
2,අනන්ත නාග පොකුණ
3. ධවලාගාරය
4.නිශ්ශංකමල්ල රජුගේ රාජ සභාව
5.නිශ්ශංකමල්ල රජුගේ මාලිගාව
6. නිශ්ශංකමල්ල රජුගේ ගිම්හාන නිවස
7.ශීත මාලිගය
මෙයට ඇතුල් වීමේදී මුලින්ම ඇස ගැසෙන්නේ පොලොන්නරු කෞතුකාගාරයයි. ඉන් අනතුරුව අනන්ත නාග පොකුණ හමුවේ. මෙය නිශ්ශංකමල්ල රජු විසින් කරවූ බව සදහන්වේ. මෙහි එවකට රාජකීයයන්ට දිය නැම සදහා සකස් කල පොකුනු දැක්මට ඇත.මෙහි තවත් විශෙෂත්වයක් වන්නේ පැරකුම් සයුරේ ප්‍රධාන සොරොව්වෙන් නිකුත් වන ජල දහර කෙලින්ම මෙම පොකුණට පැමිනීමයි.
![]() |
අනන්ත නාග පොකුණ |
![]() |
ගල් සොරොව්ව |
![]() |
රාජකීය නාන පොකුණ |
දීප උයනේ ඉන් අනතුරුව පැරනි ජල ටැංකියක පාදම හමුවන අතර එහි පිටටත යන ජලය රාජකීය නාන පොකුණ කරා යොමුකර ඇත. එය වියළී කාලයේ රාජකීයන් භාවිතා කලේ යයි සිතිය හැක.
ඉන් අනතුරුව ඇති ගොඩනැගිල්ල කුමක් දැයි අදවනතෙක් සොයාගෙන නොමැති අතර එය මහා පරාක්‍රමබාහු රජුගේ සොහොනයයි මතයක් පවතී. එහි බිත්තියේ කපරාරුව සහ රතු පැහැ තින්ත වර්ණ රටා අදටත් මැනවින් ආරක්ෂාවී ඇත.
![]() |
ධවලාගාරය |
![]() |
ගොඩනැගිල්ලේ කපරාරුව සහ වර්ණ රටා නොනැසී පවතින අයුරු |
ඉන් අනතුරුව ඇති ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල රජුගේ රාජ සභාව වන අතර එහි එක් එක් නිලයන්ට අදාල ආසනය නම්කර ඇත. මෙහි නිශ්ශංකමල්ල රජූගේ ආසනය සිංහ රූපය සහිත ආසනය වන අතර ඉන් රජු සිංහලයේ පාලකයා බව අදහස්වේ.මෙය තනිමහල් ගොඩනැගිල්ලක් වන අතර ගල් කණු ඉහලින් දැව පරාල යොදා වහල ගසා තිබූ බවට සදහන්වේ
![]() |
නිශ්ශංකමල්ල රජුගේ රාජ සභාව |
![]() |
සිංහාසනය |
ඉන් අනතුරුව ඇති ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල රජුගේ මාලිගාව වන අතර එහි ඉහලට නැගීමට පියගැට පෙලක් ඇත.මෙහි බිත්තිවල ඝනකම ඉතා විශාල වන අතර පාදක සහ බිත්ති උඩ පමනක් වහල ඇති නිසා එහි බර දරා ගැනිමට මෙතරම් විශාල බිත්ති තනා ඇතැයි සිතිය හැක.
![]() |
නිශ්ශංකමල්ල රජුගේ මාලිගාව |
![]() |
ඝනකම් බිත්ති |
![]() |
ඉහලට පියගැට |
ඉන් අනතුරුව වැවට මුහුනලා ඇති ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල රජුගේ ගිම්හාන නිවස වන අතර රජු වියළි කාලයේ මෙම නිවස භවිතා කල බව සදහන්වේ.
![]() |
නිශ්ශංකමල්ල රජුගේ ගිම්හාන නිවස |
දීප උයනේ සිට බැලූවිට පරාක්‍රම සමූද්‍රයේ දූපත් දෙකක නටබුන් පෙනෙන අතර ඉන් එකක් පරාක්‍රම බාහූ රජුගේ ශීත මාළිගය බව පිලිගැනිමයි. රජු ගිම්හානයේදි වාසය සදහා වැව මැද පිහිටි මෙම මාළිගය යොදාගත් බව සදහන්වේ.
![]() |
ශීත මාලිගය |
![]() |
නටඹුන් පිරි දූපතක් |
පොත්ගුල් වෙහෙර (Pothgul vehera)
ඉන් අනතුරුව අපි වැව් ඉව් ර දිගේ පොත්ගුල් වෙහෙර පරිශ්‍රයට පැමිණියා, මෙහි ඇති පුලතිසි ඍෂි ප්‍රතිමාව පොලොන්නරු යුගයේ කළාශිල්පින් ගේ නිපුනත්වය පෙන්වන්නක්. මේ ප්‍රතිමාව පිලිබදව මත තුනක් පවතිනවා. ඉන් ප්‍රබලම මතය මෙය මහා පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිමාවක් බව, අනිත් මතය වන්නේ පුලතිසි පුරය තම රාජධානිය කරගත් රාවනා රජුගේ ආදිතමයෙක් වන පුලතිසි ඍෂිවරයාගේ බව නමුත් මෙම ප්‍රතිමාවේ රාජාභරණ කිසිවක් පැලද නැති නිසා කපිල ඍෂිවරයාගේ බවටද මතයක් පවතිනවා. කෙසේ වෙතත් මෙහි මුහුනේ හැගුම් ඉතා ප්රබලව නිරූපනය වනවා. මෙම ප්‍රතිමාව ඇති ගල පොලොවේ පිහිටි ගල නොවේ. මෙම ගල පිටතින් ගෙනත් තැන්පත් කර ප්‍රතිමාව කර ඇති බවට මතයක් ඒ අනුව ගොඩනැගි තිබෙනවා.![]() |
පිහිටි ගල සහ තැන්පත් කල ගල |
![]() |
රාජාභරන නොමැති ප්‍රතිමාව |
![]() |
මුහුනේ දුක්බර හැගුම් ඇයිද??????????? |
පොත්ගුල් විහාර සංකිර්ණයේ තවත් හදුනා නොගත් චෛත්‍යයක් සහ වටකුරු ආරාමයක් පවතිනවා. මෙවන් වටකුරු ආරාම බුරුම, තායිලන්තය වැනි රටවල් වල දක්ණට තිබුනත් ලංකාවේ දක් නට ඇත්තේ මෙහි පමනයි.
අංගමැඩිල්ල ජාතික උද්යායානය (angamedilla national park)
ඉන් අනතුරුව අපි වැව් ඉවුර දිගේ අංගමැඩිල්ල ජාතික උද්යායානය කරා පැමිනියා. මෙම උද්‍යානය සෆාරි කටයුතු සදහ විවෳත කර තිබුනත් මෙය සංචාරක කුරුල්ලන් ගේ රාජධානියක් එසෙම සමනල්ලු වර්ග විශාල ප්‍රමානයක් වදුරන් විශේශ කිහිපයක් සහ තවත් වන සතුන් මෙහිදි නැරඹිය හැකිය.