Hulu gaga is a most charming river of the Misty Valley ( dumbara mitiyawata) - Sri lanka. Its start from the Knuckles range. Hulu Gaga is a Main feeder of a Victoria reservoir & its meet mahaweli river at Victoria. Its cross the A 26 Kandy - Mahiyanganaya road at orutotha.
oruthota is a suitable place to take a little break & bath while drive at A 26 , kandy - mahiyanganaya 18 wanguwa road.
our target was to catch following destinations.
1. orutota bridge
2. Hulu gaga fall
3. depath alla ( jodu alla)
4. taliya watinu alla
5. babara alla - sari alla
other travelling destinations near this area
1. Knuckles range
2. Pitawala patana mini worlds End
3. Re Western
4. mimure
දුම් බර මිටියාවතේ රිදී සළුව හුලු ගගේ සවාරියක්(1 වන කොටස)
මා වී පැසෙන ලස්සන හිමවත දුම් බර මිටියාවතේ සුසිනිදු රිදී සළුව ඇයයි. හුලු ගග, නකල්ස් වනපෙතේ සිට වික්ටෝරිය ජලාශය දක්වා ගලා බසිනා ඇය එහිදී මහවැලි ගග සමග එක්වේ.
ඔබ නොදන්නවා වූවාට මෙම ගග රූපවාහිනී දැන්වීම් හරහා ඔබ නිතර දකින්නක්
හුලු ගග ඇසුරෙන් විවිධ නිර්මාන රාශියක් සිදුකර තිබෙනවා. සූරිය අරණේ '' ඉරෙන් හදෙන්'' ගීතය තියෙන ගග මතකද?????? ඇල්ල ලග වලව්ව කථාව මතකද???????? එ වගේම සියලුම සන්ලයිට් දැන්වීම් මෙම ගග ඇසුරින් නිමවු ජනප්‍රිය නිර්මාන කිහිපයක්.
හුලු ගග දිගේ සවාරියක් යමුද???????????
නුවර එළිය ජනාකිර්ණ වෙලා , තිබෙන සොදුරු බව විනාශ වෙලා යද්දි සම්ප්‍රදායික ගමන් මාර්ග වලින් බැහැර වෙලා ශිතල සුන් දර පෙදෙසක අපි 2012 අවුරුද්දේ අග සැරිසැරුවා.
මුලින්ම අපි නුවරට ගිහින් , එතනින් මහියංගනය 18 වංගුව මාර්ගයේ කි.මි 20 ක් විතර ගියා, එතන තමා ඔරුතොට හන් දිය, ගොඩාක් වෙලාවට මේ මාර්ගයේ යන අය පවස නිවා ගෙන දිය පොදක් නාගෙන යන තැනක්.
End of the hulu gaga (Victoria @ orutota) |
Orutota Bridge |
Hulu gaga near orutota |
මෙය මේ නමින් හදුන් වන්නේ සාරි පොටවල් කිපයක් ලෙස මෙම ඇල්ල පෙනෙන නිසා බව සදහන්. උසින් මෙම ඇල්ල 120m ක් පමන වෙනවා. මෙහි පහල ඇති තටාකය දිය නැමට සුදුසුම ස්ථානයක්
අපේ නවාතැනත් සුන් දර ස්ථානයක්, මේ වගේ ස්ථානයක රැයක් ගත කරණ එක මට හීනයක් වෙලා තිබුනා. බඹර ඇල්ල සාරි ඇල්ල කඩා වැටෙන තැන ගිනි මැලයක් ගහගෙන 10 C ට අඩු උශ්නත්වයක පට්ට වැස්සේ රැයක් පහන් කරන්නයි අපිට වෙලා තිබුනේ.
Beauty Of Sari alla (babaralla) |
OUR LODGE |
Beauty of upper hulugaga |
මචං පට්ට ඒරියා එක.ෆොටෝ දානකොට උබේ වෝටර් මාක් එකක් දාලා දාපං.නැත්නම් ටික දවසකින් කවුරුහරි මේ ටික උස්සලා වෙනකොහෙහරි දාවි
ReplyDeleteඊලග ටිකේ ඉදන් වතුර සලකුණක් තියනවා මචෝ....
ReplyDeleteමෙහි ඇති චාරිකා සටහන් ඉතාමත් සුන්දරයි. ඒවා සියල්ලන් සමග බෙදාගන්නවාට බොහොම ස්තූතියි.
ReplyDeleteඒත් එක්කම සියලු චාරිකා සටහන් වලට ඔබගෙන් විස්තර අසනා මිතුරන්ට සෑම විටම පරිසරය ආරක්ෂා කරන ලෙසත් ඒ පෙදෙස් වල ජන ජීවිතයට සතා සීපාවාගේ ජීවන රටාවන් වලට බාදා වන ලෙස නොහැසිරෙන්න කියලා කාරුණික ඉල්ලීමක් කරන ලෙස ඉල්ලා සිටිනවා. හැකි නම් බ්ලොග් අඩවියේ එවන් දෙයක් සෑස බ්ලොග් පෝස්ටුවකටකම අන්තර්ගත කරන මෙන් ද කාරුණිකව ඉල්ලා සිටිනවා.
ඔබාගේ බ්ලොග් අඩවියට ජයෙන් ජය පතනවා.
බොහොම ස්තුතියි යාලුවේ..........
DeleteBEST OF LUCK AYYA.HAVE DONE A GRT JOB
ReplyDeletethanks nanga
Delete