Pages

......එන්න ආශ්වාදය විදින්න​,ඔබගේ පිය සටහන් පමනක් තබා යන්න​......
............Leave only foot prints, Take only photographs.............

Monday, November 11, 2013

දන්නා තැනක් ගැන නොදන්නා දෙයක්.............

දන්නා තැනක් ගැන නොදන්නා දෙයක්.............

සිගිරි ලලනා රූපවල  චීන සහ  අප්‍රිකා කාන්තාවන් නිරූපිත බව ඔබ දන්නවාද​????????
සුදු ජාතික බෙල් පැරනි මග වැසූවාද​????
සිගිරියේ ඇත්තේ සින්හ පාදයක්ද​???
කූවේරයාගේ ආලකමන් දාව යනු කුමක්ද​??????????
සීගිරියේ නිර්මාත්‍රකරූ කෂ්‍යපද​?????? කුවේරද​???

මා පහුගිය මාස 6 ක පමන කාලයක් දඹුල්ල ප්‍රදේශයේ වාසය කලේ රාජකාරි කටයුතු සදහා වුවත් ඊටත් වඩා මගේ කුතුහලය පිරී ගිය කාරනාවක් මට තිබුනා. ඒ සීගිරිය ගැන​.වීශේෂයෙන්ම මට හමුවූ වයස අවූරුදු 95ක සීයා කෙනෙක් ප්‍රකාශ කලා බෙල් මහතා විසින් සීගිරි ගල නැග්ගේ පිටින් නෙමේ ගල තුල තිබු කුහරයක් තුලින් බවත් එම මාර්ගය බෙල් විසින්ම වසා දැමූ බව් ඔහුගේ පියා ප්‍රකාශ කල බව​. මෙම සිද්ධියේ සත්‍යතාවය කුමක් වුවත් සීගිරිය පිලිබද පූරාවිද්‍යා ගවේශකයන් ගේ නවතම මත කිහිපයක් අද මම ඔබට ඉදිරිපත් කරනවා.



අපි දන්නා ඉතිහාසයට අනුව සීගිරිය යනු කෂ්‍යප රජු තම සහෝදරයාගෙන් ආරක්‍ෂාවිමට  සැදු බල කොටුවකි. එහි මාලිගාවන්, සිගිරී ලලනා සිතුවම් කෂ්‍යප රජු (477 - 495) විසින් කරවූ බව ඓතිහාසික සාධක අනුව සනාතය​.
නමුත් මිතුරනි මහාවංශයට අනුව කසුප් රජුගේ රාජ්‍ය කාළය වසර 18 කි. ඔහුට මෙවන් විශාල රාජධානියක් නිමවුමට පවා ඊට වැඩි කාලයක් ගතවන බවට මතයක් පවතී.

ඔබ දන්නවාද ?????????? එම සිතුවම් වල  චීන සහ  අප්‍රිකා කාන්තාවන් නිරූපිත බව...


අප්‍රිකා සහ හෙල කාන්තාවන් දෙදෙනෙක්


චීන කාන්තාවක්

මේ සිතුවම් වල පෙන්වන්නේ බුදුන් පිදුමට පිදුරංගල බලා යන අඩනිරුවත්  කාන්තාවන් බවට වූ මතයක් සහ​
මෙම සිතුවම් පෙන්වන්නේ  රජූගේ බිසෝවරු බවට මත දෙකකී. එසෙම මෙහි ඇති සිතුවම් දෙකක මල් අත දරා ගත්  චීන සහ  අප්‍රිකා කාන්තාවන් නිරූපනය වේ. ඒ අනුව රජුට චීන සහ  අප්‍රිකා බිසෝවරු සිට ඇති බවට උපකල්පනය කල හැක​.

එසෙ නැත්නම් සේද මාවතේ වෙලදාමේ ගිය වෙලෙන් දෙකු විසින් නිමවූ සිතුවම් විය හැක​.  කෙසේ වෙතත් ජනාප්‍රවාදයේ සදහන් අන් දමට මෙම බිතු සිතුවම් ඇදි ශිල්පියා අඳ බාවයට පත් කල බව සදහන් වේ.

මෙහි පවසන රජු කවුද​????????? සීගිරි කසුප්ද ???? රාවනාද​??? කුවේරද​???
රාවනා රජූ සිතුවම් 500කින් සමන්විත චිත්‍රකූථයේ වාසයකල බව රාමායනය සදහන් කරයි.සීගිරිය යනු එම ස්ථානයද යන්න තවම සනාථ නැත​.

එසේම මෙහි කැටපත් පවූර විශේෂිත පොසිලීන් විශේෂයකින් කෂ්‍යප රජු විසින් නිමවා ඇත​. ඒසේම ඉහල මාලයේ ඇති මාලිගා සංකීර්ණය රජු විසින් ඉදිකොට ඇත​.

නමුත් මෙහිදී විශෙශත්වය  රජු විසින් ඉහල මාලයට ලගා විමට , පඩිපෙලක් ඉදි නොකට තිබිමයි. ඇත්තටම එසේ වීද?????
ඉතිහාසයට අනුව සීගීරි රාජධානිය ගොඩ නැගීමේදී කෂ්‍යප රජු විසින්  සීගිරියේ තිබූ පන්සල ඉවත් කර පිදුරංගල වීහාරය ඉදිකර පූජා කරවූ බව සදහන්වේ සෙල්ලිපිවල සදහන් වේ.

ඒ අනුව සීගිරි ගල මුදුනට නැගුමට භික්‍ෂුන්ට පහසූ මාර්ගයක් සීගීරි රාජධානිය පිහිටීමට පෙර තිබූ බව පැහැදිලිය​. රජූ විසින් ද එම මාර්ගය භාවීතා කරන්නට ඇත​.

එය ගරුඞ පාදය( සිංහ පාදය​) අසලින් පටන් ගෙන ගල  ඉහලට නැගිමට පහසු මාර්ගයක්  තිබෙන්නට ඇත​. බෙල් විසින් සීගිරි ගල මුදුනට නැගුමට පාදා ගත් මාර්ගය මෙය විය හැක​. නමුත් එම මාර්ගය දැවැන්ත පූරාවස්තු කොල්ලයකින්   පසුව වසා දැමුවාද​????????
ප්‍රදේශයේ පැරැන්නන් අතර එවන් මත පවතී,

මෙහි සිංහ පාදයද එසේ නොවන බවත් රාවනා රජු ගේ සංකේතයක් වූ ගරුඩ පක්‍ෂියාගේ පාදය නිරූපිත බවට  මතයකි. ඊට හේතුවනම් සිංහයාට නිය 4 කුත් ගරුඩාට නිය 3කුත් තිබීම වේ. මෙහි ඇති සිංහ පාදයේ නිය 3ක් පමනක් නිරූපිතය​.

මේ පිලිබදව ඇති එක් මතයක් වන්නේ රාමායනයේ පවසන රාවනා සොයුරු කූවේරගේ වාසබවනය වන බැවින් කූවේරගේ ආලකමන්දාව ලෙස​  හදුන්වන බවයි. එසේම මෙහි ජල උයන් පද්ධති කූවේර නිමවුම් බවත් 1970 දශකය වනතුරු මෙහි වතුර මල් නිසි පරිදි ක්‍රියාත්මක වූ බව සදහන්වේ.   අදටත් වැසි අධික කාල වල යන ඔබට මෙහි වතුර මල් වල ක්‍රියාකාරිත්වය දැකිය හැක​.
වැඩි විස්තර සදහා: :https://sites.google.com/site/sigiriyasl/more-history
තරමක් ක්‍රියාත්මක වතුර මලක්

(While my visit to Sigiriya, I was asking myself the question, how can a king who only ruled for 18 years, build and develop a place like Sigiriya? Of cause what we see today is just bits and pieces of what was once a Royal three story palace and a park, complete with fountains, swimming pools and beautiful kiosks. It could be that the King Kashyapa ruled for more than 18 years, and the author if Mahavansa got the timing incorrect. However we have reason to believe this is not the case, simply because the Author of Mahavansa (Venerable Mahanama Thero) actually witnessed the whole story from the Pidurangala temple which is close to the Sigiriya rock itself.

The other plausible explanation is that Sigiriya was already a fortress and most of its architecture was intact when Kashyapa decided it as the venue for his palace. This is where the folklore aligns with the history records. However it should be noted that Mahavansa or any other history book available to date does not describe this fact.

According to the folklore, Sigiriya was known as Alakamanda or Alakamandawa by Singhalese Yakkha Tribes. Alakamandawa was the palace of Kubera (also called Kuwera).  
more:https://sites.google.com/site/sigiriyasl/more-history

රාවනා රජූට පෙර හෙලයේ අධිපති වූ මෙම රජු ඉංජීනේරූ කාර්‍යන්හී නිපුනයෙකු බවත් පුශ්පික නමින්  ( රාවනා දඩුමොනරය​) යානාවක් තැනූ බවත් බලවත් වූ රාවනා මෙම රජු සමග යුද්ධ කොට මරා දමා සින්හාසනය සමග මෙම යානය පැහැරගත් බව රාමායනයේ සදහන්වේ.ඉන් අනතුරුව රාවනා රජුගේ වාසභවනක් ලෙස භාවීතා වූ බවත් රාමායන විශ්ලේශකයන් පවසයි, මෙහි ඇති ගරුඩ පාදය (රාවනා සංකේතය ගරුඩාය​) රාවනා රජූ ගේ නිමවුමක් බව ඔවුන් ගේ මතයයි. එසේම සීගිරියේ මුක්කු මත ඇති ගල් රාවනා කූවේර සටනේදී කූවේර විසින් භාවීතා කල උපක්‍රමයක් බවද මතයකි.
වැඩි විස්තර සදහා

http://www.ceylontoday.lk/35-4164-news-detail-chitrakuta-the-worlds-first-palace-fortress.html

මෙම සිදුවීම මීට වසර 5000 කට පෙර සිදුව ඇති අතර සීගිරියේ ඉහල මාලයේ  පැරනී පඩිපෙල දෙසට යනවිට ඇති ගොඩනැගිල්ල වසර 5000 ක් පමන පැරනි බවට  සාක්‍ෂි කාල නිර්න පරීක්‍ෂාවලින් මෑතකදී සොයාගෙන ඇත​.
සීගීරී ජල උයන් සදහා ජලය ගෙන යාමට ගල තුලින් මාර්ගයක් සෑදූ කූවේර රජු සීගිරී ගල මත පිහිටි මාලිගා වලට නැගීමට ගල තුලින් මාර්ගයක් නිමවූයේ නැතයි ඔබ සිතනවාද​???????
නැතහොත් රාමායනයේ පවසන පරිදී රාවනාගේ වාසභවයට යාමට නිමවූ සෝපාව පිහිටියේ මෙහිද​????
එසේ තිබූ පහසූ මාර්ගයකින් භික්‍ෂුන්  ඉහලට වැඩි බවට වන විශ්වාශයන් බැහැර කල හැකිද​??????
වැඩි විස්තර සදහා
 http://archives.dailynews.lk/2003/03/06/fea05.html


(Chitrakuta is the only Sri Lankan fortress which had a wooden lift operated from top to bottom. If any one enters this great fortress through the lion's head, he will be able to see a huge hole on the rock. Stone structures and stands both on the top and bottom of this "route-hole" are believed to be places on which the wooden lift had been fixed. King Ravana's period was famous for woodcraft and they used a "lift" too, for the day to day work in the fort.
History relates that Ravana's air-plane was also made of light wood which was brought from Himalayan forests. Archaeologists, historians and some legends say that there were more than 500 paintings on the walls of Chitrakuta and most of them had been dilapidated due to natural causes. King Ravana was talented in all the fine arts as well as physician and pundit.
So, we Sri Lankans should be proud enough to have Chitrakuta or Sigiriya, the world's oldest palace fortress.  more :http://archives.dailynews.lk/2003/03/06/fea05.html )

කුවේර යනු සිංහලින් ධනයෙන් පොහොසත් තැනැත්තාය​. නමුත් හින් දි දහමට අනුව ඔහු සුරක්ශිතතාවයට අධිපති  දෙවි කෙනෙකි. කූවේර රජු බුදු දහමට අනුව සතර වරම් දෙවි රජවරුන් ගෙන් කෙනෙකි . මෙම කුවේරයන් වෛශ්‍රාවන දෙවියන්, වේසගිරි යක්‍ෂයා ලෙස සිංහල සාහිත්‍යයේ සදහන් වේ. ඉසුරුමුණි වෙස්සගිරි විහාරයේ ඇති පෙම් යුවලෙගෙ මූර්තිය කුවේර රජු හා ඔහුගේ බිසවගේ බවට මතයකි.
ධනයෙන් බලයෙන් ආරුථවූ කුවේරයන්විනෝදකාමියෙක් වූ නිසා සීගිරි සිතුවම් ඔහු කරවූ බවට මතයකි.   

වැඩි විස්තර සදහා http://www.ramayanaresearch.com/isurumuniya.html
http://www.lankawisdom.com/deities.htm


හින්දු කුවේර දේව පිලිමයක්
ඉසුරුමුනි පෙම් යුවල​


















මෙම කරූනූ නිසා සීගිරියේ නිමවූම්කරු කුවේරයයි පවසන්නට දැන් දැන් සාක්ශි බොහෝ තිබුනත් සීගිරියේ පවතින වත්මන් තත්වයට හේතූවූ කසුප් රජූ අමතක කල යුතු නැත​.

යන්න සීගීරියට නැරඹීම සදහා නොව ගවේෂනය සදහා.........

(මේ ලිපියෙහි අඩංගූ කිසිදු කරුනක් මාගේ මතයන් නොව​, සීගිරිය පිලිබදව නවතම මතයන් කිහිපයක් ඔබ හමුවේ තැබීමට දරන උත්සහයකි.)

Tuesday, November 5, 2013

HULU GAGA (දුම් බර මිටියාවතේ රිදී සළුව) - Part 2

Hulu Gaga (Silver shawl of the Misty Valley)

We awoke @ 5.00 Am, because all of us needed to feel a natural beauty. Then we had bathed in sari alla pond.
Then We had planed to go following locations

1. Hulu gaga fall & Bridge
 Hulu gaga fall is a another beautiful fall created by the hulu gaga. It is  flowing down under the hulu gaga Bridge near the Hulu gaga town area..it is 75 m in height.This bridge is 160 - 170 years old.. 

2. Jodhu alla ( Depath Alla)

When I drove at thawalamtanna gs area  (Hulu gaga - Panvila Road), We had seen  two water falls are flowing down  in parallel. it is call as jodu alla. it is 45m in height. 

3. Thaliya watinu alla

Then We had gone allakolla estate. This state maintain by state plantation control. It maintain well. Road also well. We were Lucky to take a full view photographs of Thaliya watinu alla in distance. But hard to reach the pond. It is another beautiful water fall generate by the hulu gaga. It is 53 m in height. But water flow is low because of  Mini hydro power project. We heard from rural society, there is a cave on the rock & you can go behind the fall.

this was a ended of our hulu gaga tour, we will be back with another marvelous journey........ 

දුම් බර මිටියාවතේ  රිදී සළුව හුලු ගගේ සවාරියක්(2 වන කොට​)

සොදුරු දුම් බර මිටියාවතේ සංචාරයේ දෙවෙනි දවසේ අපි ටිකක් වේලාසනින් අවදිවුනා, ඇත්ත්ටම ශිතල සමග දිගින් දිගටම කඩා හැලුනු වැස්ස අපිව අවදි කලා. නමුත් උදේ 6.30 වෙද්දි වැස්ස පායලා මි දුමින් පිරිනු දුම් බර වන පෙත අප ඉදිරියේ සොදුරු දසුන් මැව්වා. ඇත්තටම එම පරිසරය නෙතේ මැවු මනහර බව ජායාරූපවලට නගන්න නොහැකි තරම් සුන් දරයි.



Knukles range in distance





 හුලුගග ඇල්ල

සාරි ඇල්ල වැටෙන ජල පොකුණේ සිතූ තරම් විනෝද වුනු අප ඉන් අනතුරුව හුලුගග ඇල්ල කරා පිටත් වුනා මෙය පාලමක් යටින් කඩා වැටෙන ඇල්ලක්. මෙය හුලු ගග නගරය ආසන්නයේම පවතින 75 උස ඇල්ලක්. මෙම පාලම ඉදිකර තිබෙන්නෙ 1853 අවුරුද්දෙ කියලයි සදහන් වෙන්නේ. ඒ කියන්නෙ අවුරුදු 160 ක් පැරනි පාලමක්.
Hulu Gaga Bridge -since 1853

Hulu Gaga fall 


 ජොඩු ඇල්ල 

හුලු ගග දිය ඇල්ල නැරබිමෙන් අනතුරුව ජොඩු ඇල්ල එහෙමත් නැත්නම් දෙපත් ඇල්ල  නැරබීමට අප පිටත් වුනා. මෙය උසින් 45 වු දිය ඇලි දෙකක් එක ලග එකිනෙකට සමාන්තරව වැටෙන සුන් දර ස්ථානයක්. එම ගමනේ ජායාරූප කිහිපයක් පහල දක්වනවා.








Jodhu alla in distance (මීදුමෙන් වැසුනු ජොඩු ඇල්ල​)
Jodu alla


 තලිය වැටුනු ඇල්ල

ඉතින් යාලුවනේ ඊලගට අපේ සංචාරයේ අවසන් ස්ථානය වන තලිය වැටුනු ඇල්ල නැරබීමට පිටත් වුනා. රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් අලකොල වත්තේ මිටර් 53ක් උස මෙම සුන් දර දිය ඇල්ල පිහිටා තියනවා. මෙහි විශෙෂත්වය වන්නේ මෙහි දිය ඇල්ල තුල ඇති ගල් ගුහාවකට යා හැකි විමයි. නමුත් එම ගමනට කැමරා ආම්පන්න රැගෙන යාමට එරෙහිව දුම් බර මිටියාවතේ කාල ගුණය සටන් කල බැවින් එහි දසුන් නැරබීමට ඔබට ඉදිරිපත්කිරිමට වාසනාව නොමැති විය​.  මෙම ගමනින් අනතුරුව අපේ ගමන අවසන් වෙලා නැවත ගම් බිම් සොයා පිටති වුනා.  ඉතින් යාලූවේ ඔයාලත් මෙම මනරම් මිටියාවතෙ සැරිසරන්න​, නමුත් මෙම පරිසරය අනාගතයෙන් නයට ගත්තක් බව සිහි තබා ගන්න​. 
නැවතත් මෙවෙනිම චාරිකා සටහනකින් හමුවෙමු...............



taliya vetunu alla



Friday, November 1, 2013

HULU GAGA - SILVER SHAWL OF THE MISTY VALLEY (දුම් බර මිටියාවතේ රිදී සළුව)

HULU GAGA - SILVER SHAWL OF THE MISTY VALLEY

Hulu gaga is  a most charming river of the Misty Valley ( dumbara mitiyawata) - Sri lanka. Its start from the Knuckles range. Hulu Gaga is a Main feeder of a Victoria reservoir & its meet mahaweli  river at Victoria. Its cross the     A 26 Kandy - Mahiyanganaya road  at orutotha.
 oruthota is a suitable place to take a little break & bath  while  drive at A 26 , kandy - mahiyanganaya 18 wanguwa road.

our target was to catch following destinations.

1. orutota bridge
2. Hulu gaga fall
3. depath alla ( jodu alla)
4. taliya watinu alla
5. babara alla - sari alla

other travelling destinations near this area

1. Knuckles range
2. Pitawala patana mini worlds End
3. Re Western
4. mimure



දුම් බර මිටියාවතේ  රිදී සළුව හුලු ගගේ සවාරියක්(1 වන කොට​)

මා වී පැසෙන ලස්සන හිමවත දුම් බර මිටියාවතේ සුසිනිදු රිදී සළුව ඇයයි. හුලු ගග, නකල්ස් වනපෙතේ සිට වික්ටෝරිය ජලාශය දක්වා ගලා බසිනා ඇය එහිදී මහවැලි ගග සමග එක්වේ.
ඔබ නොදන්නවා වූවාට මෙම ගග රූපවාහිනී දැන්වීම් හරහා ඔබ නිතර දකින්නක්

හුලු ගග ඇසුරෙන් විවිධ නිර්මාන රාශියක් සිදුකර තිබෙනවා. සූරිය අරණේ '' ඉරෙන් හදෙන්'' ගීතය තියෙන ගග මතකද​??????  ඇල්ල ලග වලව්ව කථාව මතකද​???????? එ වගේම සියලුම සන්ලයිට් දැන්වීම් මෙම ගග ඇසුරින් නිමවු ජනප්‍රිය නිර්මාන කිහිපයක්.

හුලු ගග දිගේ සවාරියක් යමුද​???????????

නුවර එළිය ජනාකිර්ණ වෙලා , තිබෙන සොදුරු බව විනාශ වෙලා යද්දි සම්ප්‍රදායික ගමන් මාර්ග වලින් බැහැර වෙලා ශිතල සුන් දර පෙදෙසක අපි 2012 අවුරුද්දේ අග සැරිසැරුවා.

මුලින්ම අපි නුවරට ගිහින් , එතනින් මහියංගනය 18 වංගුව මාර්ගයේ කි.මි 20 ක් විතර ගියා,  එතන තමා ඔරුතොට හන් දිය​, ගොඩාක් වෙලාවට මේ මාර්ගයේ යන අය පවස නිවා ගෙන දිය පොදක් නාගෙන යන තැනක්.


End of  the hulu gaga (Victoria @ orutota)
Orutota Bridge
Hulu gaga near orutota
අපි අපේ ගමන පටන් ගත්තේ මෙතනින්. ඔරුතොට පන්විල පාරේ හැරිලා බඹරැල්ල සාරි ඇල්ල දක්වා අපි ආවා. මේ අපේ ගමන අන්තය ලෙස සැලසුම් කර තිබුනත් නිතරම දුමින් වැසිලා තියන දුම් බර මිටියාවතේ කාල ගුණය අපිට එතරම් කාරුණික වුනේ නැහැ.

මෙය මේ නමින් හදුන් වන්නේ සාරි පොටවල් කිපයක් ලෙස මෙම ඇල්ල පෙනෙන නිසා බව සදහන්. උසින් මෙම ඇල්ල 120m ක් පමන වෙනවා. මෙහි පහල ඇති තටාකය දිය නැමට සුදුසුම ස්ථානයක්

අපේ නවාතැනත් සුන් දර ස්ථානයක්, මේ වගේ ස්ථානයක රැයක් ගත කරණ එක මට හීනයක් වෙලා තිබුනා. බඹර ඇල්ල සාරි ඇල්ල කඩා වැටෙන තැන ගිනි මැලයක් ගහගෙන 10 C ට අඩු උශ්නත්වයක පට්ට වැස්සේ රැයක් පහන් කරන්නයි අපිට වෙලා තිබුනේ.



Beauty Of Sari alla (babaralla)




OUR LODGE
සාරි පොට​

සාරි ඇල්ල පිහිටා තිබෙන්නෙ බඹර ඇල්ල ප්‍රදෙශයේ. සාරියක පොටවල් ආකාරයෙන් කඩා හැලෙන නිසා මේ නමින් හදුන්වන බව ප්‍රදෙශවාසින් සදහන් කලා. මෙ ඉහල පෙන්වන කුඩා නිවහනේ තමා අපි රැය පහන් කලේ. මේ තවම මිනිසුන් ගෙ ඇස වැඩිය නොගැසුනු සුන් දර පලාතක්. මේ ප්‍රදේශය හරහා නකල්ස් තරණය විදේශිකයන් අතර දැන් ප්‍රකට වෙමින් පවතිනවා. ඒ වගේම මෙම ප්‍රදේශය හරහා මි මුරේ ගමනද සුන් දර ගමනක්.
අපේ මේ චාරිකාවෙ දෙවෙනි කොටස ඉදිරියට ............

Beauty of upper hulugaga 










Monday, October 28, 2013

DIMBULAGALA (PART 2) - Namal Pokuna & Pulligoda Paintings


 Dimbulagala part 2 (දිඹුලාගල 2 )


මෙච්චර ඉක්මනට දෙවෙනි ලිපියක් දමන්න මගේ සුදානමක් තිබුනෙ නෑ. ඒත් පලවෙනි ලිපිය පැය 24 ට 123 ක් කියවලා. ස්තුතියි සියලූම දෙනාට දුන්න support එකට​. සිංහලෙන් ලියන්න කියලා මගෙන් ඉල්ලපු චමත් / චතුර මිතුරන් දෙන්නටත් දෙවෙනි ලිපිය ඉක්මනින් ඉල්ලපු සමුදිත​/ තිලින මල්ලිලා දෙන්නටත් බොහෝම ස්තූතියි. දෙයියනේ උදේ 1.00 මේ වෙලාවට නිදාගෙන ඉන්න මම අද ලියුම් ලියනවා. මටම පුදුමයි.

දිඹුලාගල 2 

පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ 11 km ගොස් අනතුරුව මනම්පිටීය මහියංගනය මාර්ගයේ 7 km ක් ගිය විට ඓතිහාසික දිඹුලාගල පුරය හමුවේ .රාවනා යුගයටත් පෙර ජනාවාස තිබු බවට සැලකෙන දිඹුලාගල පුරය එකළ යක්‍ෂ ගෝථික ජනාවාසයකි.

එකළ මෙය යක්කුරේ ලෙස හැදින්විය​. අදටත් මේ ආසන්නයේ විවාදිත නුවරගල ( මමියක් ගිනිතිබු බවට සැලකෙන​) අසල යක්කුරේ ගම පිහිටා ඇත​. (මෙම මමිය යක්‍ෂ ගෝථිකයකුගේ වියහැක​)

ජනකථා අනුව බුදුන්ගේ පලමු ලංකා ගමනයේදි මහියංගනයහි පැවති නියගය නිසා දිඹුලාගලින් ජලය රැගෙන ගොස් පූජා කොට ඇත​. එවිට බුදුන් මෙම පොකුනේ ජලය ඖෂධ වේවායි පතා ඇති නිසා දිඹුලාගල ගල් ලෙන් වල ඇති පොකුනේ ජලය ඖෂධ වූවායි සැලකේ. අදටත්  නොසිදෙන මෙම පොකුන   ඖෂධ  පොකුන නම්වේ.

ඉන් අනතුරුව හෙලයේ පලමූ සිංහල { සින්හ + හෙල​( යක්‍ෂ, රක්‍ෂ, නාග​,දේව)} රජූ වන පන්ඩූකාභය කුමරුට සින්හාසනාරූඨයට සහයෝගය ලබා දුන්නේ රිටිගල සහ දිඹුලාගල යක්‍ෂ ගෝථිකයන් බව ඉතිහාසයේ සදහන්‍ව ඇත.

අනුරපුර මුල්‍ යුගයේ දිප්තිමත් ස්ථානයක් වු මෙය ඉන් දිය ආක්‍රමණ වලින් ජනාශුණ්‍ය විය​. ඉන් අනතුරුව වළගම්භා රජු ලෙන් විහාර කරවා සග සතු කර ඇත​.

 මෙහි ඇති පුල්ලිගොඩ ලෙන් සිතුවම් මෙතෙක් හමුවු පැරනිතම සිතුවම් වන්නේය​. ඒවා සිගිරි සිතුවම් වලට දෙවෙනි නොවන්නේය​.

ඉන් අනතුරුව මෙය පොලොන්නරු යුගයේ දිවයිනේ ප්‍රධානතම ආගමික සහ අධයපනික ස්ථානය විය​.

මහා පරාක්‍රමබාහු රජු මෙය කොටස් දෙකකට වෙන් කල අතර භාවනා යෝගීන් වැඩ සිටියේ සිංහගල මුදුනේ ඖෂධ  පොකුන අබියස පිහිටි ලෙන් විහාර සංකීර්ණයයි.
වනගත මාර්ග ඔස්සේ මෙම ස්ථානයට ලගාවීම ඉතා ආශ්වාදජනකය​. මගුල් දමණ ඔස්සේ මාරයාගේ වීදිය තරණය මෙම ගමනේ ආශ්වාදය වඩවයි.

නාමල් පොකුණ විහාරය එකළ ප්‍රධානතම සාමාජීය ස්ථානය වූ අතර මෙයටද වනගත මාර්ග ඔස්සේ ලගාවිය යුතු තවම නොඉදුල් අලංකාර ස්ථානයකි.

ආසන්නයේ ඇති වෙනත්  සංචාරක ස්ථාන​:

1. පොලොන්නරුව පූජා නගරය​
2. මින්නේරිය අභය භුමිය​
3.කවුඩුල්ල ජාතික උයන​
4.මාදුරු ඔය සහ වස්ගමුව ජාතික උයන​
5.වෙහෙරගල සහ නුවරගල කදු සහ වනගත පුජා ස්ථාන​
6.මහියංගනය​

එන්න මේ සුන් දර දසුන් විදින්න​. අනාගතයටත් තබා යන්න​.

(ස්තූතිය ; චමත්;http://hasarallak.blogspot.com/   / චතුර;http://automationeng.blogspot.com  )

ඉදිරියෙදිත් හමුවෙමු................


Namal Pokuna Ancient Temple

Route -1. Polonnaruwa to Manampitiya Junction 
2. Manampitiya to Namal pokuna 6.4 Km
     
          History: At Polonnaruwa Era Dimbulagala Was a most famous Religious & Education center in sri lanka . King Great Parakramabahu  developed dimbulagala as Two sections . 
                    
                       1. Vidarshana Section
                       2. Education Section
          
           Vidarshana section was a dimbulagala Crave temple & Education section was a Namal pokuna ancient temple.Namal pokuna is a mid rocky mountain type jungle temple. This temple still not moderate so that we  still can see the ancient look of this temple.


Namal Pokuna Chaittaya

Blue Water Pond Dimbulagala




Oiled Lantern
Pulligoda Paintings

pulligoda paintings is a most oldest paintings found in sri lanka. lot of Archaeologist make a debate about pulligoda paintings. this is shown a five males seated in a cushion. but meaning is  debate some one tell it is depicted here have reached a stage of attainment (sovansakrudagamianagami or arhat) as signified by the oval aura shaded red behind each head. This is second to sigiriya paintings cause of dr. senarath paranavitanas fault. he told this paintings did at polonnaruwa era. but carbon test confirm it is oldest than sigiri paintings.  



pulligoda gal gedara


Sunday, October 27, 2013

Dimbulagala Part 1

DIMBULAGALA ( PART 1)

Dimbulagala is situated 16 km from polonnaruwa ancient city , this place is very famous about dimbulagala thero. But Dimbulagala is a inattention super destination for any kind of travels.


History of Dimbulagala

When King Wijaya arrived Sri lanka , Dimbulagala was a yaksha endemic.  Prince Pandu aba grew @ Dimbulagala. Dimbulagala yaksha leaders support to prince pandhukabaya to captured kingdom.

When load Buddha came mahiyangana , yaksha leaders alms water taken by dimbulagala crave pond . Its call as a herbal pond.

King walagamba built a crave temple in dimbulagala & Pulligoda paintings is a 2nd best paintings in sri lanka.




Place to visit at Dimbulalgala

1. Dimbulagala Ancient Temple








                                         




2. Akasa Chetiya ( Temple of the Sky)



                                       
3. Herbal Pond & Crave temple


                                          Sinhagala ( Craves & Herbel pond located @ marked place)

         This is a most imporatant part of the dimbulagala tour, After seen temple we start to climbed the sinhagala rock. Because this tour given chance to seen a  natural beauty , Also its a adventure tour.
natural beauty


                           
Dimbulagala temple from mid of the rock

Crave Tunnel



FINALLY FOUND THE HERBAL POND



DIMBULAGALA 2 ND PART NAMAL POKUNA & PULLIGODA COMMING ON NEXT WEAK